top of page

ලාංකිකයන් සඳහා පමණයි

... ජීවිතය සුන්දරය යයි ඔබ විශ්වාස කරන්නේ යයි සිතමි. එය එසේ නම්, නකල්ස් කඳු යායේ බටහිර දෙස පිහිටා ඇති දුම්බර නිම්නය, ඔබගේ සුන්දර ජීවිතයේ තවත් සුන්දර මතකයන් ගොන්නක් සහිත ස්ථානයක් වනු ඇත. විඩාබර දිනයක සෙවණැලි දික් වන සන්ධ්‍යා වෙලාවක, හන්තාන කඳු වැටියේ සිට නකල්ස්  කඳු තෙක් අනවරතයෙන් පෙරලී එන රන්වන් හිරු රැසින් ඔපවත් වූ වළාකුළු, ඔබව මෝහනයට පත් කෙරෙනු ඇත.  ඉන් අනතුරුව අඳුර වැටෙන විට කෙමෙන් එළි දකින අනන්ත තාරකාවන්, ඔබට නිහඬ කතාවකින් සංසාරයේ ඈත සිට පැමිණෙන ගුප්ත සබැඳියාවක් කියනවා විය හැකිය. එසේ නැතිනම්, ඔබ මේ භවයේ සිට සංසාරයට රැගෙන යන තවත් රමණීය මතකයක් විය හැකිය...

 

... අප සියල්ලන්ටම සිහින තිබේ. එක් පොදු සිහිනයක් නම්, මේ  ජීවිතයෙන් නික්ම යන්නට පෙරාතුව නුවර කුඩා නිවහනක හුදෙකලා, පිටස්තර, නිහඬ ජීවිතයක් ගත කිරීමේ සිහිනයයි. එය ඔබ හුදකලාවේ ගත කලද, ඔබගේ ප්‍රේමනීය සහකරුවා හෝ සහකාරිය හෝ ළමා ලපටීන් සමඟ හෝ ගත කලද, එය කිසිවෙකු ඇතුළු නොවෙන,… කිසිවෙකුටත් නොපෙනෙන, …කිසිවෙකුත් නොදකින, …ඔබටම පුද්ගලික වූ අත්දැකීමක් විය යුතුය. එය හදවතේ කොනක, සදා රැඳෙන සොඳුරු මතකයක් විය යුතුය. එවන් සොඳුරු අත්දැකීමකට ඔබව ගෙන යන්නට අපට හැකි වන්නේ, ඔබ අප විසින් සපයනු ලබන සේවාවන් හරියාකාරව තේරුම් ගන්නේ නම් පමණි...

...  ඔබ අප සමඟ සිටින දුම්බර නිම්නයේ කුඩා හෝටලයේ කාමර 7 පහත ලෙස නම් කර ඇත. එක කාමරයක් පමණක් ගන්නේ නම්ද, කෝකියෙක් අවශ්‍ය වේ නම්ද ඒ සඳහා අමතර රුපියල් එක්දහස් පන්සීයයක් ගෙවිය යුතු වේ. එහෙත් එක් කාමරයකට වඩා ගන්නේ නම්, කෝකියෙක් ඔබට නොමිලයේ සැපයීමට අපට හැකිවනු ඇත. සියළු කාමරවල රුපවාහිණී යන්ත්‍රයක්, සහ රේඩියෝවක් ඇත. පළාතේ ඇති ශීත දේශ ගුණය නිසා  කෘතීම වායු සමීකරණය අවශ්‍ය නොවේය යන්න අපගේ අදහසයි.  එමෙන්ම  තුවා, ෂැම්පු සහ සබන් නොමිලයේ සැපයේ. ඔබ ගේ අවශ්‍යතාවය අනුව සියලුම ඇඳ ඇතිරිලි දිනක් පාසා වෙනස් කෙරේ. ස්වභාවික දොළේ පිහිනා නාන්නටද, ...පළාත ගැන අවබෝධයක් ගන්නටද,  ඔබට අපගෙන් නොමිළයේ මග පෙන්වන්නෙක් සැපයේ... ඔබගේ අරමුණ ඉටු වුවා නම් පමණක්, ඔබගේ කැමැත්ත පරිදි ඔහුට සන්තෝෂමක් පිරිනැමීමට හැක...

 

අපගේ කාමර වල විස්තර මෙසේය.

 

කාමර තුනක් ඇති ප්‍රධාන ගොඩනැගිල්ල

මෙහි සම්පුර්ණයෙන්ම අංග සම්පුර්ණ කාමර තුනකි. එහි රුපවාහිණියක්, රේඩියෝවක්, ශීත කරණයක් මෙන්ම උනාන කාමරයේ උණුසුම් ජලය ඇත. එක් කාමරයක පහසුවෙන් තුන් දෙනෙකුට සිටිය හැක. ඔබ තවත් අය ගෙන එන්නේ නම්, වැඩිපුර ඇඳක් සැපයිය හැක. 

කාමරයක් පමණක් ඇති පසුපස ගොඩනැගිල්ල.

මෙහි ඇති කාමරයේ නාන කාමරයට වෙනම දොරකින් ඇතුළු විය යුතුය. මෙයද ඉහත කාමර මෙන් අංග සම්පුර්ණ කාමරයකි.

ගල උඩ ඇති ලී බංගලාව

දෙදෙනෙකුට පමණක් සිටිය හැකි අංග සම්පුර්ණ කාමරයකි. නාන කාමරය ඇතුලේම ඇත. ආහාර පාන මේ කාමරයට සැපයිය නොහැකි බව ඔබ කරුණාවෙන් තේරුම් ගන්නේ නම් මැනවි. ඒ සඳහා මීටර් සීයක් පමණ දුරින් ඇති ප්‍රධාන ගොඩනැගිල්ලට පැමිණිය යුතු වේ.

මේ කාමර වලට අමතරව, රියදුරන් දෙදෙනෙක් සඳහා නොමිලයේ තවත් කාමරයක් සැපයිය හැක.  නකල්ස් කඳු හෙවත් දුම්බර කඳු වැටිය හෝ ගෝමරේ කන්ද තරණය කරන්නට සේවා පහසුකම් සැපයිය හැක. 

කරුණාකර සියලු අමතර විස්තර සඳහා රංජිත් මහතා (071-3770376) හෝ (072-8150316)  අමතන මෙන් ඉල්ලා සිටිමු.

දේශීය සංචාරකයන්
සඳහා අය කිරීම් →

© 2016 by Barefoot Inns, Ltd. Proudly created with Wix.com

  • Wix Twitter page
  • Wix Facebook page
  • Instagram Social Icon
bottom of page